Friday, April 22, 2016

Learn C# - Part 1

අනිත් programming languages එක්ක බලද්දි C# සිංහල tutorials තරමක් අඩුයි කියල හිතනව​.
C# කියන්නෙ type-safe language එකක්. ඒ කියන්නෙ C# access කරන්නෙ access කිරීමට permission තියන memory locations විතරයි. උදාහරණයක් විදියට type-safe code එකක් වෙනත් object එකක private fields read කරන්න​ බැහැ.type-safe code එකකට object එකක් මත operation කරන්න අවසර දෙන්නෙ නෑ එම object එකට operations අනුකුල නොවෙනව නම්. C,C++,Java වගේ languages පුරුදු අයට ලේසියෙන්ම C# ඉගෙන ගන්න පුලුවන්. අනෙක් වැදගත් කාරණය තමයි C# case sensitive language එකක්.
C# code කරන්න Visual Studio IDE එක use කරන්න පුලුවන්. මේක Microsoft එකෙන් නොමිලේ දෙන IDE එකක්.

අපි ඉතා සරල මට්ටමේ ඉඳන් C# ඉගෙන ගන්න පටන් ගමු. ඕනම language එකක වගේ Hello world program එකක් ලියල ආරම්භයක් ගමු.

අලුත් project එකක් පටන් ගන්න මේ විදියට කරන්න,
File --> New --> Project මෙතනදි එන menu එකෙන් console application තෝරගන්න​. ඉස්සරහට බලමු අනිත් options වලින් මොනාද කරන්න පුලුවන් කියල​. මේකෙදි output අපිට දැක ගන්න පුලුවන් වෙන්නේ Console එක හරහා.


'Start' button එක​ click කලාම​ අපිට console එකේ මේ වගේ output එකක් දැකගන්න පුලුවන්.

මේකෙදි WriteLine() method එකෙන් console එකට print කරනව​, ReadLine()  method එකෙන් input එකක් ලැබෙනකන් ඉන්න කියල command එකක් දෙන්නෙ.

variable declare කරන විදිය බැලුවොත් Java,C වල​ වගෙම variable name එකට කලින් data type එක දෙන්න තියෙන්නෙ.
eg: int x=2;
      char a='i';

අපි දැන් පොඩි program එකක් ලියමු runtime එකෙදි user input දෙකක් අරගෙන ඒ දෙක concatenate කරල print කරන විදියට​.
















මෙතනදි WriteLine() සහ Write() විදියට method  දෙකක් අපි use කරනව​. ඒ දෙකේ පොඩි වෙනසක් තියෙන්නෙ. WriteLine() method එකෙන් අලුත් line එකකට යනව Write() method එකෙන් ඒ line එකේම ඉන්නව​. මේ program එක run කරල input දුන්නට පස්සෙ ලැබෙන final output එක මේ විදියට දැක ගන්න පුලුවන්,








C# ඉගැනුම​ තවත් පාඩම් ඊළග post එකෙන් බලාපොරොත්තු වන්න​..


No comments:

Post a Comment