Saturday, April 23, 2016

Learn C# - Part 2

මේ කොටසෙන් C# වලින් Decision statement ලියන විදිය සහ ඉදිරියට තියන දේවල් ගැන බලමු. Beginner level එකේ ඉඳන් ලියන නිසා හැම පොඩි දෙයක් ගැනම ලියන්න ඕන කියල හිතුන.​ Decision statement කිව්වම අපිට මතක් වෙන්නෙ if/else if/else නෙ. කලින් කොටසෙදි කිව්ව වගේ Java,C,C++ වල වගේම තමයි C# වලදිත් Decision statements ලියන්නෙ.

පහළින් තියෙන්නෙ if/else if/ else සේරම use කරල ලියපු statement එකක්. Try කරල බලන්න​.



දැන් අපි බලමු assignment හා concatenation operation combine කරල කොහොමද statement එකක් ලියන්නෙ කියල​. කලින් code එකේම අන්තිමට print කරන්න හදපු 'msg' variable එකම use කරමු.




Decision statements ලියන තවත් විදියක් ගැන අපි දැන් බලමු. මේකට conditional operator කියලත් කියනව​.


මෙතනදි statement එක true නම් msg variable එකට ගන්නෙ "car" කියන string එක. false නම් පස්සෙ තියන "house" string එක msg කියන variable එකට ගන්නව. මතක තියාගන්න ඕන දේ තමයි පලවෙනි string එකට පස්සෙ දාන්න ඕනෙ colon(:) එකක් semicolon(;) එකක් නෙමෙයි.

lines කීපයක් use කරල pint කරපු message එක, තනි line එකකින් print කරගන්න පුලුවන් ලේසි විදියක් අපි දැන් බලමු. තවත් variable තියානව නම් curly braces ඇතුලෙ 3,4,5.. විදියට numbers දාල variable names අන්තිමට දාන්න පුලුවන්.



දැන් අපි බලමු Loops වැඩ කරන විදිය ගැන​. මුලින් for loop කොහොමද use කරන්නෙ කියල බලමු.අනිත් languages වල වගේම තමයි වෙනසක් නෑ.











ඕනම programming language එකක වැදගත් අංගයක් තමයි arrays කියන්නෙ. අපි දැන් බලමු array එකක් කොහොමද declare කරන්නෙ කියල​ සහ array elements access කරන්නෙ කොහොමද කියල​.


C# වල arrays index කරන්නෙ position 0 ඉඳන්.
array එකක් declare කරන තවත් ලේසි විදියක් ගැන අපි දැන් බලමු.



C# තවත් කොටසකින් නැවත හමුවෙමු





Friday, April 22, 2016

Learn C# - Part 1

අනිත් programming languages එක්ක බලද්දි C# සිංහල tutorials තරමක් අඩුයි කියල හිතනව​.
C# කියන්නෙ type-safe language එකක්. ඒ කියන්නෙ C# access කරන්නෙ access කිරීමට permission තියන memory locations විතරයි. උදාහරණයක් විදියට type-safe code එකක් වෙනත් object එකක private fields read කරන්න​ බැහැ.type-safe code එකකට object එකක් මත operation කරන්න අවසර දෙන්නෙ නෑ එම object එකට operations අනුකුල නොවෙනව නම්. C,C++,Java වගේ languages පුරුදු අයට ලේසියෙන්ම C# ඉගෙන ගන්න පුලුවන්. අනෙක් වැදගත් කාරණය තමයි C# case sensitive language එකක්.
C# code කරන්න Visual Studio IDE එක use කරන්න පුලුවන්. මේක Microsoft එකෙන් නොමිලේ දෙන IDE එකක්.

අපි ඉතා සරල මට්ටමේ ඉඳන් C# ඉගෙන ගන්න පටන් ගමු. ඕනම language එකක වගේ Hello world program එකක් ලියල ආරම්භයක් ගමු.

අලුත් project එකක් පටන් ගන්න මේ විදියට කරන්න,
File --> New --> Project මෙතනදි එන menu එකෙන් console application තෝරගන්න​. ඉස්සරහට බලමු අනිත් options වලින් මොනාද කරන්න පුලුවන් කියල​. මේකෙදි output අපිට දැක ගන්න පුලුවන් වෙන්නේ Console එක හරහා.


'Start' button එක​ click කලාම​ අපිට console එකේ මේ වගේ output එකක් දැකගන්න පුලුවන්.

මේකෙදි WriteLine() method එකෙන් console එකට print කරනව​, ReadLine()  method එකෙන් input එකක් ලැබෙනකන් ඉන්න කියල command එකක් දෙන්නෙ.

variable declare කරන විදිය බැලුවොත් Java,C වල​ වගෙම variable name එකට කලින් data type එක දෙන්න තියෙන්නෙ.
eg: int x=2;
      char a='i';

අපි දැන් පොඩි program එකක් ලියමු runtime එකෙදි user input දෙකක් අරගෙන ඒ දෙක concatenate කරල print කරන විදියට​.
















මෙතනදි WriteLine() සහ Write() විදියට method  දෙකක් අපි use කරනව​. ඒ දෙකේ පොඩි වෙනසක් තියෙන්නෙ. WriteLine() method එකෙන් අලුත් line එකකට යනව Write() method එකෙන් ඒ line එකේම ඉන්නව​. මේ program එක run කරල input දුන්නට පස්සෙ ලැබෙන final output එක මේ විදියට දැක ගන්න පුලුවන්,








C# ඉගැනුම​ තවත් පාඩම් ඊළග post එකෙන් බලාපොරොත්තු වන්න​..