අපි මුලින්ම බලමු මොකක්ද මේ GodMode කියන්නෙ කියල..
මූලිකව windows system එකේ සියලුම features සහ customization options එකට එකතු කරල තියන interface එකක් විදියට හඳුන්වන්න පුලුවන්. උදාහරණයක් විදියට භාවිත කරන්නාට Screen resolution වෙනස් කිරීමට අවශ්‍ය නම් හෝ Folder options වෙනස් කිරීමට අවශය නම් නැතහොත් task bar එකේ notification අවශ්‍ය ආකාරයට හැසිරවීම වැනි විවිධ අවශ්‍යතා මෙමගින් සපුරාලිය හැකිය.
clicks කිහිපයක් මගින් operating system එකෙහි secret settings පාලනය කලහැකි පහසු ක්‍රමයක් ලෙස මෙය කෙටියෙන්ම හඳුන්වන්න පුලුවන්.
සතුටුදායක ආරන්චිය වෙන්නෙ ලගදි release වෙච්ච windows10 තුලත් මෙය ක්‍රියාත්මක වීමයි.
දැන් අපි බලමු මේක කොහොමද ක්‍රියාත්මක කරන්නෙ කියල.අපිට පුලුවන් සරල පියවර කිහිපයකින් මෙය ක්‍රියාත්මක කරවන්න.
- මුලින්ම desktop එකෙහි 'new folder' එකක් සාදාගන්න.
- දැන් හදපු folder එක rename කරන්න මෙන්න මේ ටික දාල GodMode.{ED7BA470-8E54-465E-825C-99712043E01C}
- දැන් ඔයාල හදපු folder එකේ icon එක පහල පින්තූරෙ තියෙන විදියට වෙනස් වෙලා තියෙයි.
- දැන් හදපු folder එක open කරල බලන්න. settings විශාල ප්‍රමාණයක් එකම folder එකක් තුල දැක ගන්න පුලුවන්. ඒ වගේම මේ folder එක ඔයලට කැමති ඕනම තැනකට move කරන්නත් පුලුවන්. task bar එකට පින් කරන්න උනත් හැකියාව තියනව.
- අපි හිතමු GodMode කියන නමට ඔයාල කැමති නැ කියල, ඔයලට පුලුවන් වෙන කැමති නමකින් උනත් rename කරන්න. ඒකට මන් කලින් rename කරන්න දීපු code එකේ 'GodMode' වෙනුවට කැමති නමක් දාගන්න. වරහන් ඇතුලෙ තියන කිසිම දෙයක් වෙනස් කරන්න එපා.
අදට කියන්න තියෙන්නෙ මෙච්චරයි. අලුත් post එකකින් ඉදිරියටත් හමුවෙමු. මේක මගෙ පලවෙනි blog post එක අඩුපාඩු තියනව නම් කියන්න :)
No comments:
Post a Comment